ඇය
ඇය
ලොවක් හඳුනන නමුදු නොපෙනෙන
ගැහැනියයි ඈ මුදු සිතැති වන
හදේ ගැඹුරේ පෙමක් පතනා
යුවතියයි ඈ නමුදු නොකියන..
සංසාරයේ දිගු ගමන් ලතාවේ
හිතවතිය ඇය මග කියාදෙන//
මතක පොදි බැදි නමුදු නොබිඳෙන
ප්‍රේමයයි අපි දෙසිත යා වුණ
මගේ දෙතොලේ හුස්ම සොයනා
ළබැඳියයි ඇය නමුදු නොලබන..
සංසාරයේ දිගු ගමන් ලතාවේ
සඳවතිය ඇය දිවි එළිය කළ //
ලොවක් හඳුනන..
යුවතියයි ඈ නමුදු නොකියන//
කවුද අක්කෙ මේ යුවතිය......
ReplyDeletelassana adahask
ReplyDeleteLove it
ReplyDelete