අන්තර්ජාතික දේශපාලනය
තරඟකාරී රැඟුම්කරුවන් අතර බලය මුල් කරගෙන සිදුවන අරගලය පොදුවේ දේශපාලනය ලෙස හැඳින්විය හැකිය. දේශපාලනය , ජාතික දේශපාලනය හා අන්තර්ජාතික දේශපාලනය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට ඛණ්ඩනය කළහැකි අතර ජාතික දේශපාලනයේ රැඟුම්කරුවන් ලෙස දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් සැලකෙන නමුත් අන්තර්ජාතික දේශපාලනයේ ප්‍රධාන රැඟුම්කරුවා වන්නේ ස්වාධිපති රාජ්‍යයි. මේ අනුව අන්තර්ජාතික දේශපාලනය යනු ජාතීන් අතර පවත්නා දේශපාලනය යි.
අද්‍යතනයේ අන්තර්ජාතික සමාජය තුළ රාජ්‍යයන් 200කට අධික සංඛ්‍යාවක් තිබෙන අතර මේවා භූමිය, ජනගහනය, සම්පත් හිමිකම, ආර්ථික බලය, මිලිටරි බලය යනාදී කරුණු වලින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට වෙනස් වේ.නමුත් එම සෑම රාජ්‍යයක්ම අන්තර්ජාතික සමාජය තුළ එක හා සමාන නෛතික ඒකක ලෙස සලකනු ලැබේ.
අන්තර්ජාතික දේශපාලනය පැන නැගීමේ හේතු සාධකයන් ලෙස පහත කරුණු දැක්විය හැකිය.
1.ජාතික ආරක්ෂාව තහවුරුකිරීම.
2.ජාතික ආර්ථිකය වර්ධනය කිරීම.
3.ජාතික සුබසාධනය ඉහළ නැංවීම.
4.ජාතික අභිමානය ගොඩනැංවීම.
5.ජාතික දේශපාලන මතවාදය ආරක්ෂා කරගැනීම.
මෙම කරුණු සාක්ෂාත් කරගැනීමට යාමේදී තම අයිතින් නැතහොත් අභිලාෂ ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය උදෙසා ලෝකයේ සෙසු රටවලට බලපෑම් කිරීම හෝ ඔවුන් හැසිරවීමට උත්සාහ ගැනීම ජාත්‍යන්තර දේශපාලනයේ ස්වරූපය වේ.
සාමකාමි සම්බන්ධතා හා යුදමය සම්බන්ධතා හරහා රාජ්‍යයන් තම සම්බන්ධතාවයන් පවත්වාගෙන යන අතර මේ හේතුවෙන් අන්තර්ජාතික දේශපාලනය යුද්ධය හා සාමය පිළිබඳ අධ්‍යයනය කරන්නා වූ විෂය ලෙස ද හැඳින්වේ.එමෙන්ම අන්තර්ජාතික සමාජය අනධිකාරී එකක් වීමත් ඒ තුළ රාජ්‍යයන්ට නිදහසේ හැසිරීමට හැකි වීමත් නිසා ඇතැම් විචාරකයන් මෙය හැඳින්වීම සදහා ආණ්ඩුවක් නොමැති දේශපාලනය යන්න ද ව්‍යවහාර කරයි.


Good job dr....
ReplyDeleteGood article
ReplyDeleteGood work.keep it up
ReplyDeleteWell done
ReplyDeleteThank u guys
ReplyDelete:D
ReplyDeletePerfect one
ReplyDelete