The Summer Hut


                  ගිම්හාන මණ්ඩපය 

ඇයත් හිඳින්නැති
මා හිඳිනා තැන
විරහ තැවුල්
සිත් යාය දරා

මං පියමනිනා
මේ මාවත් වල
ඇයත් ඇදෙන්නැති
පෙමක් පතා

ඇගේ සුසුම හා
මගේ සුසුම
මේ ඇදුරු බිමේ
වා තලය පුරා

සුළඟේ යන්නැති
මුහු වී එන්නැති
ඇය මට සිහිවන
මොහොත පුරා  

Comments

Post a Comment

Popular posts from this blog

අන්තර්ජාතික දේශපාලනය

සෙමෙස්තරයේ ආලය

Should the Sri Lankan Jury System be abolished?